යසාරා සේරම කියලා… “ඇතුලට යන්න ලෑස්තිවෙන්න” කියා SMS එකකුත් යවලා…

namal_yasara.jpg - 121.50 Kb“මං දන්න සේරම දේවල් FCIDඑකට කිව්වා. අද හෙටම ඩිරෙක්ටර්ස්ලා සේරම ඒ ගොල්ලො කැඳවනවා. ඇතුළට යන්න රෙඩි වෙලා ඉන්න කියන්න” යනුවෙන් CSN නාලිකාවේ ප‍්‍රධාන විධායක නිලධාරිනිය ලෙස සේවය කළ, නාලිකාවේ හිමිකරු යෝෂිත රාජපක්ෂගේ පරණ පෙම්වතිය වන යසාරා අබේනායක මහත්මියගෙන් පසුගිය 08වනදා හිටපු ජනාධිපතිවරයාගේ දෙටු පුත් නාමල් රාජපක්ෂගේ දුරකතනයට කෙටි පණිවිඩයක් ලැබී ඇතැයි අන්තර්ජාලයේ පුවත් වෙබ් අඩවිවල සඳහන් වේ.

යසාරාගේ SMS පණිවිඩය ලැබී ස්වල්ප වේලාවකින්ම FCID නිලධාරියෙකු CSN අධ්‍යක්ෂක මණ්ඩලයේ අය අමතා පවසා ලබන අගහරුවාදා (15) කටඋත්තරයක් ගැනීම සඳහා මූල්‍ය අපරාධ කොට්ඨාශය වෙත පැමිණිනෙන ලෙස දන්වා ඇතැයිද එම වෙබ් අඩවිවල සඳහන් වේ.

FCID කැඳවීම අනුව යසාරා අබේනායක මහත්මිය පසුගිව 08 වනදා එහි ගොස් ඇති බවත් එහිදී CSN නාලිකාව පිළිබඳව දීර්ඝ කට උත්තරයක් ලබා දී ඇති බවත් පැවසේ.

යසාරා සියළු දෙනා පාවා දී ඇතැයි රාජපක්ෂ පුත්‍රයින් ඔවුන්ගේ හිතවතුන් හා පවසා ඇතැයිද සඳහන් වේ. බොහෝ විට යසාරාද රජයේ සාක්ෂිකරුවෙකු වීමට ඉඩ ඇතැයිද ඔවුන්ගේ අදහස් වී ඇතැයිද වැඩිදුරටත් එම වෙබ් අඩවිවල සඳහන් වේ.

මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද පසුගිදා මාධ්‍ය වෙත පවසා තිබුනේ සියළු දෙනාම දැන් රාජපක්ෂ පවුල බිල්ලට දී ඇඟබේරාගැනීමේ උත්සාහයක නිරතව ඇති බවය.

එහිදී ඔහු පවසා තිබුනේ… “දැන්  හුඟක් දෙනා අර ගෝඨාභයට කරලා තියෙන්නේ. අරයා කිවුවේ ඇවන්ට්ගාඩ් අල්ලලා දීපන් ගෝඨාභය කියලා. අනිත් ‍ඔක්කොම කියන්නෙත් මේකට අල්ලලා දීපන් නාමල්ව. මේකට අල්ලපන්. උඹට ගෙදර යන්න ඇහැකි. එහෙම ගිහිල්ලා කට උත්තර ලියවනවා. මැජිස්ට්‍රේට්ලා ගාවට ගිහිල්ලා ලියවලා ඒ කට්ටිය ඇඟ බේරගන්නවා. මොකද වැරදිකාරයෝ ඇඟ බේරගන්න ඕන වුණාම අපේ නම් කියාවි.” යනුවෙනි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්