කස්සප සමීපයේ සිටින රාජපක්ෂ පවුලේ කාන්තාව ගැන විශේෂ අවධානය

කස්සප සමීපයේ සිටින රාජපක්ෂ පවුලේ කාන්තාව ගැන විශේෂ අවධානය

බලංගොඩ කස්සප ඇතුළු චීවරධාරීන් කිහිප දෙනෙකු සමීපයේ සිටිමින් නීති විරෝධී ක්‍රියා මෙහෙයවන රාජපක්ෂ පවුලේ සමීපතම කාන්තාවක් ඇතුළු කාන්තාවන් කිහිප දෙනෙකු පිළිබඳව විශේෂ අවධානය යොමු වී තිබේ.

එම කාන්තාවන් කොළඹ විහාර මහා දේවී උද්‍යානයේ සමාධි පිළිමය ආසන්නයේ සිදු කළ ක්‍රියාකාරකම් බොහොමයකට ද සහභාගී විය. පසුව තරු පහේ හෝටල්වල බලංගොඩ කස්සප චීවරධාරියා ඇතුළු පිරිසක් සමඟ ද අදාළ කාන්තාවත් සාකච්ඡා කර ඇති බව හෙළිවේ.

ඊයේ (07) අනුරාධපුර රුවන්වැලි සෑය ඉදිරිපිට කලබලකාරී තත්වයක් ඇති කිරීමට කස්සප ඇතුළු පිරිස සැලසුම් සහගතව ක්‍රියා කර ඇත්තේ පිල්ලෙයාන්ගේ නීතිඥ උදය ගම්මන්පිල ප්‍රසිද්ධියේ විකෘති කරන ලද පනත් කෙටුම්පතක් පදනම් කර ගනිමිනි. එහෙත්, උදය ගම්මන්පිල මේ වනවිට නිහඬතාවයක සිටින අතර, බලංගොඩ කස්සප අදාළ කාන්තාවන් ඇතුළු පිරිස සමාජයේ අවධානය දිනා ගැනීමේ උත්සාහයක යෙදී සිටිති.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්