මුදල් විශුද්ධීකරණ චෝදනාව යටතේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන මාතර, කොටවිල මහස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණ බෝගහවත්තගේ වැඩ තහනමට ලක් කර තිබේ.
ඇය ත්අඩංගුවට ගනු ලැබූවේ මාතර සමුපකාර සහ ග්‍රාමීය බැංකු අරමුදල් මහා පරිමාණයෙන් වංචා කිරීමේ චෝදනා මත දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින මාතර සමුපකාර සමිති සංගමයේ සහ මාතර ග්‍රාමීය බැංකු සංගමයේ හිටපු සභාපති චමින්ද ගුණසේකර නැමැත්තාගේ අක්‍රමිකතාවලට අදාළවය.
වරුණ බෝගහවත්තට අයත් වෙසෙල් වර්ගයේ මෝටර් රථයේ ලීසිං වාරික ගෙවා ඇත්තේ, මාතර ග්‍රාමීය බැංකු සංගමයේ හිටපු සභාපති චමින්ද ගුණසේකර නැමැත්තා අයතා ලෙස උපයන ලද ධනයෙන් බව තහවුරු වීම හේතුවෙනි.
එමෙන්ම මෙම මෝටර් රථය මිල දී ගැනීම සදහා මුදල් උපයා ගත් ආකාරය හෙළි කිරීමටද ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්තට හැකි වී නැත.










