සමගි ජන බලවේග පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර සහ ඔහුගේ බිරිඳ සිංගප්පූරුවේ සිට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණි අවස්ථාවේදී, ඔවුන්ගේ ගමන් මලු තුළ තිබී තහනම් හෝ සීමා කරන ලද භාණ්ඩ කාණ්ඩයටත් ඩ්‍රෝන කැමරා සහ මයික්‍රෆෝන තොගයක් ගුවන් තොටුපළ රේගු නිලධාරීන් විසින් සොයාගෙන ඇත.
ඔවුන් අද (08) පෙරවරු 11.23ට UL 307 යානයෙන් සිංගප්පූරුවේ සිට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණ ඇත. ගුවන්තොටුපොළ නිශ්කාෂණ අංශයේදී ඔවුන්ගේ ගමන් මලු පරීක්ෂා කිරන අවස්ථාවේ, ගුවන්තොටුපළ රේගු නිලධාරීන් විසින් ඩ්‍රෝන කැමරා 42ක් සහ මයික්‍රෆෝන 16ක් එම ගමන් මළු තුළ තිබී සොයාගෙන තිබේ.
අනාවරණය කරගත් මෙම භාණ්ඩ මේ වනවිට රේගු භාරයට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වෙමින් පවතී.

Views: 22










