රේණුක පෙරේරා රක්ෂිත බන්ධනාගාරයට

රේණුක පෙරේරා රක්ෂිත බන්ධනාගාරයට

දක්ෂිණ අධිවේගී මාර්ගය සඳහා මගී ප්‍රවාහන බලපත්‍ර 56 ක් නිකුත් කිරීමේදී සිදු වූ අක්‍රමිකතාවකට අදාළව දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් ජාතික ගමනාගමන කොමිසමේ හිටපු සභාපති රේණුක පෙරේරා ලබන 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (17) නියෝග කර තිබේ.

අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ සැකකරුගේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.

ජාතික ගමනාගමන කොමිසමේ හිටපු සභාපති රේණුක පෙරේරා, අද පෙරවරුවේ අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබිණි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්