කරන්නාගොඩට, යෝෂිතට එරෙහි නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණයට කැඳවයි

කරන්නාගොඩට, යෝෂිතට එරෙහි නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණයට කැඳවයි

නිසි සුදුසුකම් සපුරා නොතිබිය දී, විත්තිකාර යෝෂිත රාජපක්ෂ බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික හමුදා පුහුණු විද්‍යාලයේ පුහුණුවකට යැවීම තුළින් දූෂණය නමැති වරද සිදු කළ බවට චෝදනා කරමින්, අල්ලස් කොමිසම විසින් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සහ යෝෂිත රාජපක්ෂට එරෙහිව ගොනු කර තිබෙන නඩුව අද (17) කොළඹ මහාධිකරණය හමුවේ කැඳවනු ලැබී.

එම අවස්ථාවේදී, ඇප මත මුදාහැර සිටින වසන්ත කරන්නාගොඩ සහ යෝෂිත රාජපක්ෂ යන විත්තිකරුවන් දෙදෙනා අධිකරණය හමුවේ පෙනී සිට ඇත.

එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය මෙම නඩු කටයුත්ත පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා කැඳවන ලෙසට නියෝග කර තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්