ලෝකය බෙදෙයි

ලෝකය බෙදෙයි

ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ ඍජු අධීක්ෂණය යටතේ සිදු කළ මෙහෙයුමකින් වෙනිසියුලා ජනාධිපති නිකලෝස් මදුරෝයි සහ ඔහුගේ බිරිඳ පැහැර ගෙන යාම සම්බන්ධයෙන් ලෝකයේ පැහැදිලි බෙදීමක් සිදු වී තිබේ.

එක්සත් ජාතීන්ගේ ප්‍රතිපත්ති ඇතුළු ලෝකය පිළිගත් සියලු රාජ්‍යතාන්ත්‍රික ආචාර්ය ධාර්මික ප්‍රතිපදා උල්ලංඝණය කරමින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදු කළ එම පැහැර ගැනීම අද (04) පෙරවරුව වනවිට අනුමත කර තිබෙන්නේ ඊශ්‍රායලයේ අගමැතිවරයා පමණි. යුරෝපා සංවිධානය සහ බටහිර රටවල් රැසක් ම මේ පිළිබඳව දැඩි අප්‍රසාදය පළ කර ඇත.

ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂකයන් මෙන් ම, මෙරට ප්‍රවීණ ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂකයන් ද පෙන්වා දී තිබෙන්නේ මෙය ලෝකය මත පටවන ලද අතිශය බියකරු පූර්වාදර්ශයක් බව ය. ලෝකයේ ඛනිජ තෙල් බහුල ම රට වෙනිසියුලාව වන අතර, ඇමරිකානු ආර්ථික උපාය මාර්ගයේ වැදගත් ස්ථානයක් මෙම තෙල් සම්පත කෙරෙහි යොමු කර තිබේ.

Facebook
Twitter
LinkedIn