ජොන්ස්ටන්ට ඇතුළු සිව්දෙනෙකුට රටින් පිටවීම අධිකරණය තහනම් කරයි

ජොන්ස්ටන්ට ඇතුළු සිව්දෙනෙකුට රටින් පිටවීම අධිකරණය තහනම් කරයි

සතොස ආයතනයට අයත් වාහන අවභාවිත කිරීම ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු සිව්දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි විදේශගත වීම තහනම් කරමින් වත්තල මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ.

මෙලෙස විදේශ ගමන් තහනම් පනවා ඇත්තේ හිටපු ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඔහුගේ පුත් ජොහාන් ප්‍රනාන්දු, සතොස හිටපු ප්‍රවාහන කළමනාකරු ඉන්දික රත්නමල, සතොස ලොරි රථ රියදුරු සමන් යන අයවලුන්ටය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් සිදුකරන ලද විමර්ශනයකදී අනාවරණය වී ඇත්තේ, සතොස ආයතනයට අයත් වාහන උපයෝගී කරගනිමින් රුපියල් දෙලක්ෂ හතලිස් එතරදහසක (රු. 244,000) මූල්‍ය අක්‍රමිකතාවක් සිදුකර ඇති බවය.

මෙම සිද්ධියට අදාළව දැනට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් දෙදෙනෙකු එළඹෙන ජනවාරි මස 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටද වත්තල මහෙස්ත්‍රාත් නියෝග කර ඇත.

කෙසේ වෙතත්, මෙම නඩුවේ ප්‍රධාන සැකකරුවකු ලෙස හඳුනාගෙන ඇති හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මේ වනවිට ප්‍රදේශයෙන් පලාගොස් පොලිසිය මගහරිමින් සිටින බව වාර්තා වේ.

සැකකාර හිටපු ඇමති අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් මේ වනවිටත් විශේෂ මෙහෙයුම් ආරම්භ කර ඇත.

Facebook
Twitter
LinkedIn