පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ වයඹ පළාත් කාර්යාලයේ එක් දින සේවා රාජකාරි කටයුතු ඊයේ (03) සිට ආරම්භ කරන ලද බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
ඒ අනුව වයඹ පළාත් ජනතාවට එක් දින සේවය මගින් ජාතික හැඳුනුම්පත් ලබා ගැනීම හා ඒ සම්බන්ධ අනෙකුත් සේවාවන් වඩාත් පහසුවෙන් සිදුකර ගැනීමට හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
වයඹ පළාත් කාර්යාලය පිහිටා ඇත්තේ,
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වයඹ පළාත් කාර්යාලය, 03 වන මහල, නව වෙළඳ සංකීර්ණය, කුරුණෑගල යන ලිපිනයේය.
එම කාර්යාලය හා සම්බන්ධ විය හැකි දුරකථන අංකය 0372224337 වන අතර ෆැක්ස් අංකය 0372224337 ය.
299










