සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සහයෝගීතාව ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර හවුල්කාරිත්වයේ ප්‍රධාන කුලුනක් බව ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා අවධාරණය කරයි.
ඔහු මේ බව අවධාරණය කළේ, මුලතිව් දිස්ත්‍රික් මහ රෝහලේ නව සිව් මහල් වෛද්‍ය වාට්ටු සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු ජනාධිපති අනුර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ඊයේ (16) ආරම්භ වූ උත්සව සභාව අමතමිණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා,
“මෙම සුවිශේෂී අවස්ථාව ඉන්දීය – ශ්‍රී ලංකා හවුල්කාරිත්වයේ තිරසාර ස්වභාවයට මනා සාක්ෂියක් සපයන අවස්ථවක්. එමෙන්ම මෙය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ධූර කාලයේ දෙවන වසර අවසන් වීමට ආසන්න මේ මොහොතේ, ජනාධිපතිවරයාගේ දැක්ම යථාවක් කර ගැනීමට ශ්‍රී ලංකාව සමග එක්ව කටයුතු කිරීමට ඉන්දියාවේ කැපවීම තහවුරු කරන අවස්ථාවක්.
ඉන්දියාව නිරන්තරයෙන් මෙරට ජනතාවගේ සුබසාධනය, ප්‍රගතිය සහ සමෘද්ධිය උදෙසා නොසැලෙන විශ්වාසදායක හවුල්කරුවෙකු ලෙස රැඳී සිටිනවා. අනුර කුමාර දිසානායක මහතාගේ මගපෙන්වීමෙන් ඉන්දියානු ආධාර යටතේ නැගෙනහිර පළාත තුළ සංවර්ධන ව්‍යාපෘති 33ක වැඩකටයුතු දැනටමත් ආරම්භ වී ක්‍රියාත්මක වෙමින් පවතිනවා.
ඉන්දියාවේ “අසල්වැසියාට ප්‍රමුඛතාව” විදේශ ප්‍රතිපත්තිය තුළ ශ්‍රී ලංකාවට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයක් සැබවින්ම අප දෙරට අතර පවතින සබඳතාව හුදෙක් අසල්වැසියයන්ට වඩා වැඩි බැඳීමක්. අපි භූගෝලීය පිහිටීම, උරුමය සහ නොබිඳෙන ඓතිහාසික ඥාතීත්වයකින් බැඳී සිටින ශිෂ්ටාචාරමය නිවුන් සොහොයුරන් ලෙස සැලකිය හැකියි.
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සහයෝගීතාව අප දෙරට අතර හවුල්කාරිත්වයේ ප්‍රධාන කුලුනක්. 1990 සුවසැරිය ගිලන් රථ සේවාවේ සිට දිවයින පුරා ක්‍රියාත්මක වෛද්‍ය යටිතල පහසුකම් ව්‍යාපෘති දක්වා අප දෙරටේ ඒකාබද්ධ ප්‍රයත්නයන් ශ්‍රී ලාංකික ජනතාවගේ ජීවිතවලට සැලකිය යුතු බලපෑමක් ඇති කර තිබෙනවා.”
මුලතිව් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා සහ ආරක්ෂක අංශ ප්‍රධානීන්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලටයේ නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.























