සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන කමාන්ඩෝ සලින්ත නැමැත්තාට පතොරම් අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගනේමුල්ල කමාන්ඩෝ රෙජිමේන්තුවේ සැරයන්වරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විසින් අද (19) අත්අඩංගුවට ගෙන තිබේ.
දැනට රැඳවුම් භාරයේ පසුවන සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික කමාන්ඩෝ සලින්ත නමැත්තාට පතොරම් අලෙවි කිරීමේ චෝදනාව මත මීට පෙරද යුද හමුදා ලුතිනන් කර්ල්වරයෙකු බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.
`කමාන්ඩෝ සලින්ත’ යනු පසුගිදා ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගත් කෙල් බද්දර පද්මේ සමග අත්අඩංගුවට ගත් පිරිස අතර සිටි අයෙකි.
Views: 0









