ජාතික බුද්ධිසේවා ප්‍රධානී ලෙස විශ්‍රාමික මේජර් ජෙනරල් රුවන් වනිගසේකර පත් කර ඇති අතර, ඔහු මේ වන විට ධුරයේ රාජකාරී කටයුතු ආරම්භ කර තිබේ.
ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්, විශ්‍රාමික එයාර් වයිස් මාෂල්, සම්පත් තුයියකොන්ත අතින් අදාළ පත්වීම් ලිපිය පිරිනැමුණු අතර, ඉදිරි වැඩකටයුතු පිළිබඳව මූලික කරුණු කෙරෙහි පතවීම භාර ගැනීමෙන් පසුව දෙදෙනා සාකච්ඡා කළ බව වැඩි දුරටත් වාර්තා වේ.
වත්මන් ආණ්ඩුව යටතේ මත්ද්‍රව්‍ය ජාවාරම් සහ සංවිධානාත්මක පාතාල කල්ලි අපරාධ සම්බන්ධයෙන් සුවිශේෂී මෙහෙයුම් ඉදිරියේ දී දියත් කිරීමට නියමිත ය. ජාතික බුද්ධි ප්‍රධානියා විසින් මේ සම්බන්ධයෙන් විශේෂ කාර්යභාරයක් ඉටු කළ යුතුව තිබෙන බව වාර්තා වී තිබේ.
Views: 0










