ලොව පුරා කීර්තිමත් සමාගම්වල නියෝජිතයෝ ලංකාවට 

ලොව පුරා කීර්තිමත් සමාගම්වල නියෝජිතයෝ ලංකාවට 

මැණික් සහ ස්වර්ණාභරණ ව්‍යාපාරික ක්‍ෂේත්‍රයේ ලොව පුරා විසිරී සිටින කීර්තිමත් සමාගම්වල නියෝජිතයෝ රැසක් ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ ගැනුම්කරුවන් බවට පත් වී සිටිති.

මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විසින් සංවිධානය කර තිබෙන ජාත්‍යන්තr ‘FACETS Sri Lanka – 2025’ ප්‍රදර්ශනය ඊයේ (4දා) ජනාධිපති, අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් කොළඹ ‘සිනමන් ග්‍රෑන්ඩ්’ හෝටලයේ දී ආරම්භ වූ අවස්ථාවට එම කීර්තිමත් සමාගම්වල ගැනුම්කරුවෝ ද එක් වී සිටියහ.

මෙම ප්‍රදර්ශනයට ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය, ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සහ අපනයන සංවර්ධන මණ්ඩලය යන ආයතන ඒකාබද්ධව සහභාගී වී සිටී. එම ප්‍රදර්ශනය 06 වැනිදා දක්වා පැවැත්වේ. ඩොලර් බිලියන එකකට වැඩි ආදායමක් උපයා ගැනීම ඉලක්ක කර ගනිමින්, මෙම ප්‍රදර්ශනය සංවිධානය කර ඇති බව හෙළි කර තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්