මහනුවර පල්ලේකැලේහි පැවැත්වෙන “ලංකා T 10 සුපර් ලීග්” ක්රිකට් තරගාවලියේදී මුදලට තරග පාවාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගෝල් මාවල්ස් කණ්ඩායමේ හිමිකරුවන ඉන්දීය ජාතිකයෙකු අත් අඩංගුවට ගෙන තිබේ.
ඔහු අද (12) උදෑසන කොළඹ මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
මෙම සැකකරුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ ක්රීඩා දූෂණ වැළැක්වීමේ අංශය විසිනි.
මෙම සැකකරු තරඟ පාවාදීම සම්බන්ධයෙන් යෝජනාවක් බටහිර ඉන්දීය කොදෙව් ක්රීඩකයකට සිදුකර ඇති බවත් එම ක්රීඩකයා ඒ සම්බන්ධයෙන් ජාත්යන්තර ක්රිකට් කවුන්සිලයට දැනුම්දී අතර සැකකරුව අත්අඩංගුවට ගෙන තිබුණේ ඉන් අනතුරුවයි.
Views: 0










