අභිනව ජනාධිපතිවරයෙකු ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීන් ඊයේ (04) ජනාධිපති කාර්යාලයේ දී සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක හමු වී තිබේ.
ඒ අනුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, යුද හමුදාපති ලුතිනන් ජනරාල් විකුම් ලියනගේ, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ සහ නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ජනාධිපතිවරයා හමු වී සුහද කථා බහක නිරත වී ඇත.
එම අවස්ථාවන් සනිටුහන් කරමින් සමරු සිහිවටන පිරිනැමීමද මෙහිදී සිදු කර තිබේ.




514










