දැන්මම කසකරුවන් එයි – මෙයාට වූ දේ මතකද?

දැන්මම කසකරුවන් එයි – මෙයාට වූ දේ මතකද?

ග්‍රීක බැඳුම්කරවල මෙරට මහජන ධනය යෙදවීමෙන් ශ්‍රී ලංකාවට අති විශාල මූල්‍ය අලාභයක් සිදු කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන චූදිතයා වී සිටින හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව නැවත වරක් කොළඹ මහ අධිකරණය ඉදිරියේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් නඩු පවරා තිබේ.

මෙයට පෙර 2012දී එම කොමිෂන් සභාව විසින් මේ ආකාරයෙන්ම නඩු පවරා තිබූ අතර එම නඩු ගොනුවට කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල්ගේ අත්සන යොදා නොතිබීම හේතුවෙන් වසර ගණනාවකට පසුව ඉවත් දමනු ලැබීය.

අජිත් නිවාඩු කබ්රාල් ග්‍රීක බැඳුම්කරවල මෙරට මහජන ධනය යෙදවීමෙන් රුපියල් මිලියන 1843ක් මෙයට වසර 15කට පමණ පෙර ලංකාවට අහිමි කර තිබිණි. ඔහු මුලින්ම එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු අපේක්ෂකයෙක් ලෙසද ඉදිරිපත් වී සිටි අතර පසුව මහින්ද රාජපක්ෂ සමග එක් වී මහ බැංකු අධිපති ධුරයට පත්විය. රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව යටතේ බැඳුම්කර කොල්ලය සිදු කරන අවස්ථාවේදී කබ්රාල්ගේ නැගෙනිය අර්ජුන් ඇලෝසියස්ගේ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂ වරියක ලෙස කටයුතු කළාය.

ගෝටාබය රාජපක්ෂ ආණ්ඩුවේ රාජ්‍ය මුදල් ඇමතිවරයෙකු ලෙස සිටි කබ්රාල් එම තනතුරෙන් ඉල්ලා අස් වූ වහාම නැවත මහ බැංකු අධිපති ලෙස කැබිනට් බලතල සහිතව පත් කරනු ලැබීය. මේ ආකාරයෙන් විවිද දේශපාලන උපක්‍රම යොදමින් නීතියේ රැහැනින් මේ දක්වා බේරී සිටීමට ඔහුට හැකි විය. ඒ අතර අල්ලස් කොමිසම විසින් නැවත ඔහුට එරෙහිව කොළම මහාධිකරණයේ නඩු පවරා තිබේ.

Facebook
Twitter
LinkedIn