විජයදාස රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයට සහ කීර්ති උඩවත්ත එහි ලේකම් ධුරයට පත් කිරීම සදහා සදහා පැවැත් වූ විධායක සභා රැස්වීම නීත්‍යානුකූල නොවන බව කඩුවෙල දිසා විනිසුරු දුලානි එස්. වීරතුංග අද (31) නියෝග කර තිබේ.
එමෙන්ම විජයදාස රාජපක්ෂට සහ කීර්ති උඩවත්ත මහතාට එම ධුරවල කටයුතු කිරීමට බාදා කිරීම වළක්වාලමින් පනවා තිබූ වාරණ නියෝගයද ඉවත් කිරීමට විනිසුරුවරිය නියෝග කර ඇත.
ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ විධායක සභිකයින් වන ඉසුරු අබේවර්ධන සහ සුමිත් සොයිසා විසින් තම පක්ෂයේ විධායක සභාව මගින් සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ සහ ලේකම් ලෙස කීර්ති උඩවත්ත පත් කරගෙන ඇති බැවින් ඒ සදහා බාදා පැමිණවීම වළක්වන ලෙස ඉල්ලා කඩුවෙල දිසා අධිකරණය වෙත ඉල්ලීමක් කර තිබූ එම අවස්ථාවේදී අදාල බාධා කිරීම් නොකරන ලෙස කඩුවෙල දිසා අධිකරණය මගින් වාරණ නියෝගයක් පනවා තිබිණි.
මේ අතරතුර වග උත්තරකාර පාර්ශවය මගින් අදාල වාරණ නියෝගය ඉවත් කරන ලෙස දිසා අධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කර තිබිණි.
මේ සම්බන්ධයෙන් වූ ඉදිරි නඩු විභාගය ජුලි මස 09 වෙනිදා යළි කැදවීමට නියමිතය.










