ජාතීන් අතර අසමගිය ඇති කිරීමේ චෝදනාවට වැරදි කරු වීම හේතුවෙන් පසුගිය 28 වනදා වසර හතරක බරපතළ වැඩසහිත සිර දඬුවම් නියමවූ ඥානසාර හිමියන් විසින් තමන් වහන්සේ ඇප මත මුදාහරින ලෙස ඉල්ලා ගොනු කර තිබූ ඇප අයදුම්පත කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
ඥානසාර හිමියන් නීතීඥයින් මහාධිකරණයෙන් ඉල්ලා තිබුණේ, දැනට නියම කර තිබෙන වසර හතරක සිරදඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර ඇති නිසා විත්තිකාර ඥානසාර හිමියන් ඇපමත මුදාහරින ලෙසය.
මෙම හිමිනමට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා ගොනු කර තිබුණේ කූරගල විහාරස්ථානය සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී ජාතීන් අතර අසමගිය ඇති කිරීම සම්බන්ධයෙනි.
ආශ්‍රිත පුවත්
ඥානසාර හිමිට වසර හතරක සිරදඬුවම්
394










