මොස්කව් රඟහලකට දැවැත්ත ප්‍රහාරයක් – 40ක් මියගිහින්

මොස්කව් රඟහලකට දැවැත්ත ප්‍රහාරයක් – 40ක් මියගිහින්

ඊයේ (22) රාත්‍රියේ රුසියාවේ මොස්කව් අගනුවර රඟහලක සංගීත ප්‍රසංගයක් පැවැත්වෙමින් තිබියදී එල්ල කරන ලද ප්‍රහාරයකින් පුද්ගලයන් 40කට අසාන්න සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත් වී තවත් 100කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවලින් හෙළිවේ.

එම ප්‍රහාරය නවීන ආයුධවලින් සන්නද්ධ සිව් දෙනෙකු විසින් එල්ල කර ඇති අතර රඟහලේ කොටසක් ගිනි තබා ඇති බව ද වාර්තා වේ.

ඇමරිකානු බුද්ධි අංශ විසින් මෙයට සති දෙකකට පමණ පෙරදී ISIS සංවිධානයෙන් මෙවැනි ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කරන බව වාර්තා කර තිබුණේ යැයි ද විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ. ප්‍රහාරයෙන් අනතුරුව, මෙම සති අන්තය වෙනුවෙන් සූදානම් කර තිබූ මොස්කව් නගරයේ සියළුම සංස්කෘතික සහ පොදු උත්සව සහ ක්‍රීඩා තරඟ අවලංගු කර තිබේ. මෙම ප්‍රහාරය පිළිබඳව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විශේෂ අවධානයක් යොමු කරමින් ක්‍රියා කරන බව එම වාර්තාවල දැක්වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්