ජාතික සම්පත් විකිණීමේ මහ මොළකරුවෙකු සජිත්ගේ ඔඩොක්කුවේ

ජාතික සම්පත් විකිණීමේ මහ මොළකරුවෙකු සජිත්ගේ ඔඩොක්කුවේ

ගෝඨාභය රාජපක්ෂගේ න්‍යාය පත්‍රය අනුව කොළඹ වරාය නැගෙනහිර ජැටිය විදේශයකට විකුණා දැමීම සඳහා කොන්දේසි විරහිතව ක්‍රියා කළ දයා රත්නායක සජිත් ප්‍රේමදාසගේ ආරක්ෂක හා ජාතික ප්‍රතිපත්ති පිළිබඳ කමිටුවේ ප්‍රධානියා ලෙස පත්කර තිබේ.

ගෝඨාභය රාජපක්ෂ විසින් දයා රත්නායක වරාය අධිකාරියේ සභාපති ලෙස පත් කරනු ලැබීය. එම සභාපති ධුරයේ ඔහු කටයුතු කළ සමයේ වෘත්තීය සමිති මර්දනය කරමින් අත්තනෝමතික පාලනයක් ගෙන යාමට උත්සාහ කළ ද, එය මුලුමනින්ම අසාර්ථක විය.

විශේෂයෙන්ම, නැගෙනහිර ජැටිය විකුණා දැමීම සඳහා ක්‍රියා කිරීමට එරෙහිව සියළු වෘත්තීය සමිති ඒකාබද්ධව කටයුතු කරමින් ජයග්‍රාහී මාවතක ගමන් කිරීම හමුවේ දයා රත්නායක පලා ගිය අතර වසර දෙකක් පමණ අතුරුදහන්ව සිට සජිත් ප්‍රේමදාසගෙන් ඉහළ තනතුරු ලබා ගෙන යළි පැමිණ සිටී.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්