කෙහෙලිය රක්ෂිත බන්ධනාගාර ගත කළ සැණින් ලෙඩවෙයි

කෙහෙලිය රක්ෂිත බන්ධනාගාර ගත කළ සැණින් ලෙඩවෙයි

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනෝග්ලොබියුලින් ගෙන්වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාර ගත කළ සැණින් ඔහු බන්ධනාගාර රෝහලට ඇතුළත් වී තිබේ.

වැඩිදුරටත් වන්නේ වෛද්‍ය උපදෙස් මත ඔහු බන්ධනාගාර රෝහලට ඇතුළත කර ඇති බවය.

හිටපු ඇමති සෞඛ්‍ය ඇමති ඊයේ (02) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියේ මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඔහුට එරෙහිව කළ නියෝගයකට අනුවය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්