පාර්ලිමේන්තුවේදී පැවැත්වුණු වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ ඡන්ද විමසීමේදී එය වැඩි ඡන්දයෙන් සම්මත කරගෙන තිබේ.
එම පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ ඡන්ද විමසීමේදී එයට පක්ෂව 98ක්ද එයට විපක්ෂව ඡන්ද 41ක්ද ලැබී ඇති අතර දෙවනවර කියවීම වැඩි ඡන්ද 57කින් සම්මත වී ඇත.
එහි තෙවනවර කියවීමේ ඡන්ද විමසීමේ අවස්ථාවේදී එයට පක්ෂව 100ක්ද එයට විපක්ෂව ඡන්ද 55ක්ද ලැබී තිබෙන අතර තෙවනවර කියවීම වැඩි ඡන්ද 45කින් සම්මත වී තිබේ.
326










