හමාස් සංවිධානය මුලින් උපුටා දමන ප්‍රකාශ කරමින් ගාසා තීරයේ සාමාන්‍ය වැසියන් 4000කට වැඩි පිරිසක් මේ වනවිට ඝාතනය කරන ලද ඊශ්‍රායල ප්‍රහාර හෙළා දකිමින් යුරෝපා සංගමයේ ඉහළම නිලධාරීන් 800කට වැඩි පිරිසක් ලිඛිතව විරෝධය පල කර ඇත.
ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන ආකාරයට, යුරෝපා සංගමයේ ප්‍රධානී උනුසුලා වොන්ඩර්ලේන් මේ වනවිට සීමා විරහිතව සහ පාලනයකින් තොරව ඊශ්‍රායලයට සහයෝගය ලබා දීමද එම නිලධාරීන් විසින් හෙළාදැක තිබේ. යුරෝපා සංගමයට රටවල් 27ක් අයත් වන අතර එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය නියෝජනය කරන ප්‍රංශය ඇමරිකාව සමග එක්ව ඊශ්‍රායලයට සහයෝගය දීම පිළිබඳවද එම නිලධාරීන් විවේචනය පල කර ඇත.
සිකුරාදා ආරක්ෂක මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද යෝජනාවක් අනුව ගාසාතීරයට බෝම්බ හෙළීම වහාම නවත්වා සාකච්ඡා මාර්ගයකට එළඹෙන ලෙස ඉල්ලා ඇතත් ඇමරිකාව ඊට නිෂේධ බලය යොදා ඇති අතර ජපානය සහ ප්‍රංශයද එම යෝජනාවට විරුද්ධව ඡන්දය දී තිබේ. නමුත් මෙහිදී බ්‍රිතාන්‍යය ඡන්දය දීමෙන් වැලකී සටීම විශේෂත්වයක් බව දේශපාලන නිරීක්ෂකයන් පෙන්වා දී ඇත.
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය රටවල් 15කින් සමන්ත වේ. එයින් රටවල් 11ක් ඊශ්‍රායලයේ බෝම්බ හෙළීමට විරෝධය පල කර ඇති අතර ඇමරිකාව, ජපානය හා ප්‍රංශය එය අනුමත කිරීමත් බ්‍රිතාන්‍යය නිහඬව සිටීමත් එම යෝජනාවට අදාලව සිදු වී තිබේ.










