2008 ඇමරිකාවේ හමා ගිය දැවැන්ත ආර්ථික අර්බුධය සමයේ ඇමරිකානු ජනාධිපති ඔබාමා ප්‍රකාශ කරනු ලැබුවේ ප්‍රාග්ධනය රජයේ පාලනයකින් තොරව නිදහසේ සංචරණය වීමට තවදුරටත් ඉඩ නොදිය යුතු බවයි. එහෙත් 2008 ආර්ථික අර්බුධයේ සැබෑ වග උත්තර කරුවන් නීතියේ රැහැනට හසුකර ගැනීම කෙසේ වෙතත් කඩා වැටුණු බැංකු පද්ධතිය ආරක්ෂා කරගැනීමට ඇමරිකානු මධ්‍යම බැංකුවට හා අන්තර් ජාතික මුල්‍ය අරමුදලට (IMF) ඩොලර් බිලියන 1000ක් වැය කිරීමට සිදුවිය. මෙම අර්බුධයට සමාන අර්බුධයක් මේ වනවිට ඇමරිකාවේ silicon valley bank ඇතුළු බැංකු තුනක් කඩා වැටීමෙන් උද්ගත වෙමින් පවතින බව බටහිර මාධ්‍ය මේ අතර වාර්තා කර සිටි.
පසුගිය මාසයේ ඇමරිකාවේ රාජ්‍ය භාණ්ඩාගාර ලේකම් janet hellen අනතුරු හඟවනු ලැබුවේ ඇමරිකානු කොංග්‍රසයේ විපක්ෂ රිපබ්ලිකන් මන්ත්‍රීවරුන් හා ඩිමොක්‍රටික් මන්ත්‍රීවරුන් සමග එකඟතාවයකට පැමිණීමට නොහැකි වුවහොත් ඇමරිකාව බංකොලොත් රාජ්‍යයක් බවට ප්‍රකාශයට පත්වීමට නියමිතව ඇති බවයි. ඇමරිකාවේ බාහිර ණය ප්‍රතිශතය දල ජාතික නිෂ්පාදනයෙන් 121% සීමාව පසුකර යාමෙන් පසුව තවදුරටත් ණය ගැනීමට නොහැකි වන ලෙස නීතියක් 1960දී පනවනු ලැබූ නීතියක් හේතුවෙන් මෙම අර්බුධය නිර්මාණය වී ඇත. මෙම නීතිය 78 වතාවක් සංශෝධනය කර ඇති නමුත් ට්‍රම්ප් හිතවාදී රිපබ්ලිකන් මන්ත්‍රීවරුන් මෙම වසරේ ජුලි මසට පෙර මෙම නීතිය සංශෝධනය කිරීමට නම් විවිධ කොන්දේසි බයිඩන් පාලනයට එල්ල කරමින් සිටි. එම බලපෑම මත ආර්ථික ආරක්ෂනවාදයකට පවා ගමන් කිරීමට බයිඩන් රජයට සිදුවී ඇත්තේ යුරෝපා සංගමයේ හා ලෝක වෙළඳ සංවිධානයේ මෙන්ම චීනයේද දැඩි විරෝධය මධ්‍යයයේ වේ.
මෙම වසරේ ජනවාරි මාසය වනවිට ඇමරිකාවේ අයවැය හිඟය ඩොලර් බිලියන 1,400ක් ලෙස වාර්තා වේ. එය 2024-2033 වනවිට ඩොලර් බිලියන 2000 දක්වා ඉහළ යාමට නියමිතය. ආර්ථික උද්ධමනය 8%ක් ලෙස වාර්තා වේ. කොරෝනා වසංගතය හා කුඩා හා මධ්‍යම සමාගම් බේරා ගැනීම සඳහා ඇමරිකාවේ මධ්‍යම බැංකුව විශාල වශයෙන් මුදල් අච්චු ගසමින් වෙළඳපලට මුදා හැරීමෙන් මෙම උද්ධමන තත්වය උද්ගත වී ඇති අතර එහි ප්‍රථිපලයක් ලෙස එරට කොටස් වෙළඳපලේ තැන්පත් කර ඇති භාණ්ඩාගාර බිල්පත්, මුල්‍ය තැන්පත් බිල්පත්, නිවෙස් ණය බිල්පත්, ක්‍රිප්ටෝ බිල්පත් දැවැන්ත කඩා වැටීමේ තත්වයකට මුහුණ දෙමින් සිටියේ පසුගිය වසරේ සිටමය. ආර්ථික උද්ධමනය ඉහළ යාමෙන් විශාල ජනතාවක් දුගී භාවයට තල්ලු වී ඇති අතර පොලී අනුපාතය ඉහළ දැමීමෙන් ණය ගෙවා ගැනීමට නොහැකි වීම නිසා කොටස් වෙළඳපලේ කොටස් කඩා වැටීමෙන් දැවැන්ත අර්බුධයක් නිර්මාණය වෙමින් පැවතිනි.
මෙම අනතුර විවිධ ආර්ථික විශේෂඥයයින් විසින් පෙන්වා දෙනු ලැබුවේ නිශ්චිත ආර්ථික ආරක්ෂණ ක්‍රමවේදයක් හා කොරෝනා වසංගත තත්වය හේතුවෙන් රැකියා අහිමි වූ දහස් සංඛ්‍යාත පිරිස් හට නව රැකියා උප්පාදනයක් නොමැතිව නොකඩවා ඩොලර් සම්ප්‍රේෂණය කිරීම මෙම අර්බුධයට විසදුමක් නොවන ලෙස පෙන්වා දෙමිනි. මෙම යථාර්තය සනාථ කරමින් ඊයේ සඳුදා මාර්තු 13 වැනිදා ඇමරිකාවට හිරු පායනු ලැබුවේ දැවැන්ත ආර්ථික අර්බුධයක පෙරනිමිති සනිහුටන් කරමිනි. එනම් 2008 leman brothers බැංකුව කඩා වැටුණු ආකාරය විදහා පාමින් ඇමරිකාවේ ඩොලර් බිලියන 170ක ප්‍රාග්ධනයක් හිමි silicon valley bank නම් බැංකුව කඩා වැටීම ලොවටම දැනුම් දෙමිනි.
එසේම ඊට පෙර දින එනම් 12 දිනයේදී ක්‍රිප්ටෝ තැන්පත් සඳහා වූ බැංකුවක් වූ SILVERGATE BANK නම් බැංකුවද කඩා වැටුණු අතර ඩොලර් බිලියන 110ක ප්‍රාග්ධනයක් හිමි signature bank නම් බැංකුවද කඩා වැටී ඇත. මෙම කඩා වැටීම් ඇමරිකාවේ බැංකු 8ක් කඩා වැටීමේ කඩ ඉමට පැමිණ ඇති බව බටහිර පුවත්පත් වැඩි දුරටත් වාර්තා කර සිටි.
මේ වනවිට බයිඩන් රජය හදිසි රැස්වීමක් කැඳවා ඇති අතර බැංකු බංකොලොත් නොවී බේරා ගැනීම සඳහා අදාළ බැංකු සඳහා ඩොලර් බිලියන 55ක් ලබා දී ඇති අතර බංකොලොත් වන සියළුම බැංකුවල පාලනය රජය යටතට ගෙන ඇත. ඊයේ ජාතිය ඇමතු ජෝ බයිඩන් මෙම තත්වයට වග කිව යුතු පුද්ගලයින් පිළිබඳව වහා සොයා බලා වාර්තාවක් සපයන ලෙස අභ්‍යන්තර බුද්ධි අංශයට (FBI) නියෝග කරනු ලැබීය. කෙසේවෙතත් 2008 දීත් මෙවැනිම ආකාරයට lehman brothers බැංකුව බේරා ගැනීම සඳහා ක්‍රියා මාර්ග ගනු ලැබුවද එම බැංකුව බංකොලොත් නොවී ආරක්ෂා කර ගැනීමට ඔබාමා පාලනය අපෝසත් විය. මෙම දැනුම් දීමත් සමග ලෝකයේ සියළුම කොටස් වෙළඳ පලවල් කඩා වැටී ඇති බව බටහිර මාධ්‍ය වාර්තා කර සිටි.










