H5N1 කුරුලු උණ රෝගයෙන් කාම්බෝජයේ දැරියක් මිය යයි

H5N1 කුරුලු උණ රෝගයෙන් කාම්බෝජයේ දැරියක් මිය යයි

වසර ගණනාවකට ඉහතදී වසංගත රෝගයක් ලෙස සැලකූ H5N1 හෙවත් කුරුලු උණ වැළඳීමෙන් කාම්බෝජයේ 11 හැවිරිදි දැරියක ජීවිතක්ෂයට පත්ව තිබේ.

2014 වසරෙන් පසුව කාම්බෝජයේ පුද්ගලයෙකුට කුරුලු උණ වැළඳුණු බවට වාර්තා වී ඇති ප්‍රථම අවස්තාව මෙය වන අතර කාම්‌බෝජයේ ප්‍රේ වෙං නමැති ග්‍රාමීය ප්‍රදේශයේ වාසය කළ අදාළ දරුවාට කුරුලු උණ වැළඳී ඇතැයි තහවුරු වී ඇත්තේ බදාදා දිනයේදී ය.

එරට බලධාරීන් මාධ්‍යට වැඩිදුරටත් පවසා ඇත්තේ කාම්‌බෝජයේ ප්‍රේ වෙං නමැති ග්‍රාමීය ප්‍රදේශයේ වාසය කරණ රෝගය වැලඳී මියගිය දැරියගේ පියා ඇතු‍ළුව තවත් 11 දෙනෙකුට කුරුලු උණ රෝගය වැළඳී ඇති බව තහවුරු වී ඇති බවයි.

එම ප්‍රදේශයේ මිය ගිය කුරුල්ලන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ද ආරම්භ කර ඇති අතර කිසිදු මිය ගිය කුරුල්ලෙකු ස්පර්ශ කිරීමෙන් වළකින ලෙස සෞඛ්‍ය බලධාරීන් ප්‍රදේශ වාසීන්ට උපදෙස් දී තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්