රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ සහ පොහොට්ටු පක්ෂයෙන් සම්මත කළ අයවැය යෝජනා ඇනුව උපයනවිට ගෙවීම් ඇතුළු සෘජු බදු ඉහළ දැමීම තුළින් සිදුවන ප්රතිවපාක පිළිබඳව මේ වනවිට දැඩි කතාබහක් ඇති වි තිබේ.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථිකවිද්‍යා අධ්‍යන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරාල මේ සම්බන්ධයෙන් දේශය පුවත්පතට හෙළිකර තිබුණු තොරතුරු අනුව මෙම වසරේදී සිව්දෙනෙකුගෙන් යුත් පවුලකට මාසයක සෘජු බදු වශයෙන් රුපියල් 13,571ක් ගෙවීමට සිදුවන බව අනාවරණය කර ඇත. මෙම බදු ගෙවීම සිදුවන්නේ අතිවිශාල වක්‍රබදු ප්‍රමාණයක් ගෙවන පසුබිමක් තුළය. විශේෂයෙන්ම රාජ්‍ය හා පෞද්ගලික අංශවල මාසික වැටුප් ලබන අය මත මෙම බදු විශාල වශයෙන් පටවා ඇත.
මේ සම්බන්ධයෙන් උපුටාගත් මාහාචාර්යවරයාගේ අදහස පහතින් පලවේ.
“ශ්‍රී ලංකාවේ පුද්ගලයෙක් 2022 වසරේදී ඍජු බදු ලෙස රුපියල් 25056ක් ගෙවා තිබේ. එහෙත් 2023 වසරට හඳුන්වා දුන් ආදායම් බදු සංශෝධන පනත අනුව එම මුදල රු. 40714 දක්වා රු. 15658 කින් වැඩිවනු ඇත. ශ්‍රී ලංකාවේ හතර දෙනකුගෙන් යුත් පවුලක් මාසයක බදු වශයෙන් ගෙවූ මුදල රු. 8352ක් නමුත් 2023 දී මෙම මුදල රු. 13571ක් දක්වා ඉහළ යයි. මෙය රු. 5219 ක වැඩි වීමකි. මෙම වැඩි කිරීම නිසා 2022 වසරේදී රුපියල් බිලියන 1852ක් වූ බදු ආදායම 2023 දී බිලියන 3130 වශයෙන් බිලියන 1278 ක සුවිශාල වැඩි වීමක් වෙයි.”










