පසුගිය පාලන සමයේ මෙරට තුළ බෙහෙවින් ප්‍රචලිත වූ අලි ජාවාරම පිළිබඳව බොහෝ විස්තර හෙළිවෙමින් තිබේ. ගෝඨාභය රාජපක්ෂ නීති විරෝධීව තබාගෙන සිටී ඇත් පැටවුන් දෙදෙනෙකු මැතිවරණ පරාජයෙන් පසුව වහාම පනාගොඩ හමුදා කඳවුරට භාරදී ඇත.
මෙයින් තහවුරු වන්නේ අලි ජාවාරම පිටුපසද රාජපක්ෂ ප්‍රබලයන් සිටි බවය. මෙම ජාවාරමේ බරපතල බව හෙළි වන්නේ ඇත් අතුරු සෙවනේ සිටි අලි පැටවුන් රාත්‍රියේ කොල්ල කෑමට පැමිණීම තුළින්ය. එයින් නොනැවතී ව්‍යාජ ලිපි ලේඛණ සකස් කරමින් ජාවාරම කරගෙන ගිය ආකරයද හෙළි වෙමින් තිබේ.
මාවනැල්ල හිඟුල ප්‍රදේශයේ පදිංචිව සිටි අසේල ඒකනායක නම් පුද්ගලයකු නීත්‍යානුකූලව තමා භාරයේ අලි පැටවකු තබාගෙන ඇත. ඔහු 2011 අගෝස්තු මස 16වන දින මියගිය බවට අදාළ මරණ සහතිකයෙන් හෙළි වේ. එහෙත් 2012 නොවැම්බර් මස 25 වැනි දින ඔහුගේ නමින් ලියන ලද ලිපියක් අනුව රුපියල් දස ලක්ෂයක මුදලකට ඇත් පැටවකු විකිණීමේ අරුම පුදුම ගනුදෙනුවක් කර ඇත. මෙම ඇත් පැටවා රැගෙන ගොස් ඇත්තේ හෝකන්දර රාමණායක මාවතේ අංක 2/62 හි පදිංචි අජිත් ගාල්ලගේ නම් තැනැත්තෙක්ය.
මේ ආකාරයට පසුගිය කාලයේ විවිධ ව්‍යාජ ලේඛණ සකසමින් අලි ජාවාරම සිදු කර ඇත.






