රාජපක්ෂ පාලන සමයේ නීති විරෝධී ලෙස පවත්වාගෙන ගිය මූල්‍ය සමාගම් සහ මූල්‍ය තැරැව්කරුවන්ගේ වත්කම් රුපියල් කෝටි ගණනින් කොල්ලකෑම් පිළිබඳ රාජපක්ෂ ප්‍රබලයන්ට චෝදනා එල්ල වෙමින් තිබේ. මෙම මූල්‍ය කොල්ලය සඳහා හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, වර්තමාන අගවිනිසුරු මොහාන් පීරිස්, හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරුන් කිහිප දෙනෙකු ඇතුළු නිලධාරීන් රාජපක්ෂවරුන්ට උපකාරක සේවා සපයා තිබේ.
ගෝල්ඩන් කී සමාගමේ සහ සෙලින්කෝ ශ්‍රී රාම් සමාගමේ සම්පත් කොල්ලකෑම, සක්විති රණසිංහගේ ව්‍යාපාරවල සම්පත් කොල්ල කෑම, දඩුවම් මුදලාලිගේ සම්පත් කොල්ලකා ඝාතනය කිරීම ආදී මූල්‍ය ක්ෂේත්‍රයේ දැඩි ආන්දෝලනයකට ලක්වූ සිදුවීම් ගණනාවක දේපල සහ මුදල් රාජපක්ෂවරුන් කොල්ලකා ඇති බව හෙළිවෙමින් තිබේ. මේ පිළිබඳව නවතම සාක්ෂිය වන්නේ සෙලින්කො සමූහ ව්‍යාපාරයේ අධිපතිව සිටී ලලිත් කොතලාවල මහතා තොරතුරු හෙළිදරව් කිරීමට පටන් ගැනීමය.
මෙයට අමතරව කොළඹ කොටස් වෙළඳපොළ හරහා සේවක අර්ථසාධක අරමුදලේ මුදල් බංකොලොත් සමාගම්වල ආයෝජනය කරමින් කොල්ලකෑම සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ මුදල් බංකොලොත් ද ෆිනෑන්ස් සමාගමට යෙදවීම වැනි මහා පරිමාණ අභිරහස් ගණුදෙනු රැසක් පිටිපස රාජක්ෂවරු සිටින බව අනාවරණය වෙමින් තිබේ.






