ජයසුමන තමන්ගේ දෙපැත්තට තලා ගනී

ජයසුමන තමන්ගේ දෙපැත්තට තලා ගනී

විවිධ පුද්ගලයන් සමාජ මාධ්‍ය ඔස්සේ කොවිඩ් උවදුර පදනම් කර ගෙන රට විශාලා මහ නුවරක් බවට පත් කිරීමේ ප්‍රචාර දියත් කර ඇති බවට චෝදනා කරන රාජ්‍ය ඇමති මහාචාර්ය චන්න ජයසුමන ඊට ප්‍රතිවිරෝධීව රට පුරා ඩෙල්ටා ප්‍රභේද තුනක් (3) වේගයෙන් පැතිර යන බව ප්‍රකාශ කර ඇත.

අද (17) පාර්ලිමේන්තුවේදී කොවිඩ් 19 තාවකාලික විධිවිධාන පනත් කෙටුම්පත පිළිබඳව විවාදයට එක්වෙමින් මෙම පරස්පර විරෝධි ප්‍රකාශය කළේය. ඔහු “ඇතැම් පුද්ගලයන් තමාජ මාධ්‍ය ඔස්සේ රට විශාලා මහ නුවරක් බවට පත් කිරීමට උත්සාහ කරන” බවට චෝදනා කර තිබේ.
ඊට ප්‍රතිවිරෝධීව එම කතාවේදී ම ඔහු දක්වන ලද අදහස් මෙසේය. “ඩෙල්ටා ප්‍රභේදය රට පුරා ව්‍යාප්ත වෙන බවට පර්යේෂකයන් තහවුරු කර ගෙන ඇති බවත්, මීට පෙර තිබූ ප්‍රභේදයන්ට වඩා 60%ත් – 70%ත් අතර වේගයෙන් මෙම ප්‍රභේදය පැතිර යන බවට රාජ්‍ය ඇමතිවරයා හෙළි කළේය. කොවිඩ් වෛරස ප්‍රභේද, රෝග ලක්ෂණ ඉහල ප්‍රමාණයක් පෙන්වීම සහ ඔක්සිජන් මත යැපෙන ප්‍රමාණය ඉහල බව පර්යේෂකයන් අනාවරණය කර ඇති විකෘති ප්‍රභේද බවද, ඇමතිවරයා කීය.”
ඇමතිවරයා අද පාර්ලිමේන්තුවේ කරන ලද කතාව රජයේ නිල වෙබ් අඩවියේ පළකර තිබුණු ආකාරය ඉහත උපුටා ගැනීම්වල දැක්වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්