රවී කරුණානායක ඇතුළු 08ක් රක්ෂිත බන්ධනාගාරයට

රවී කරුණානායක ඇතුළු 08ක් රක්ෂිත බන්ධනාගාරයට

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චූදිතයන්ව සිටි රවී කරුණානායක ඇතුළු 08 දෙනෙකු මාරුතු 23 දක්වා රක්ෂිත බන්ධාගාර ගත කර තිබේ.

මොවුන්ට එල්ලවී ඇති චෝදනාව වන්නේ අඩු ලංසු ඉදිරිපත් කරන ලෙස රජයේ බැංකුවලට දැනුම් දී මහා බැංකු බැඳුම්කර සිද්ධියේදී රජයට කෝටි 3,698ක් පාඩු කිරීමයි.

නඩුව කැඳ වනු ලැබූවේ කොළඹ මහාධිකරණ විනිසුරුවරුන් වන දමිත් තොටවත්ත, මංජුල තිලකරත්න සහ මොහොමඩ් ඉර්ෂඩින් යන ත්‍රිපුද්ල විනිසුරු මඩුල්ල හමුවෙිය.

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායකට අමතරව මෙලෙස රිමාන්ඞ් බාරයට පත් කරන ලද්දේ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්‍ෂ අර්ජුන් ජෝශප් ඇලෝසියස්, එහි ප‍්‍රධාන විධායක නිලධාරී කසුන් ඕෂධී පළිසේන, එම සමාගමේ සේවකයින් වන චිත‍්‍රා රංජන් හුලුගල්ල, මුත්තුරාජා සුරේන්ද්‍රන් සහ පදුමනාදන් සහ ඉන්දික සමන් කුමාර නමැත්තන්ය. මෙම නඩුවේ විත්තිකරුවන් වශයෙන් නම් කොට සිටින ශ‍්‍රී ලංකා මහා බැංකුවේ හිටපු අධිපති ලක්‍ෂමන් අර්ජුන් මහෙන්ද්‍රන්, සහ අජහාන් ගාර්දිය පුංචිහේවා නමැත්තන් අධිකරණය ඉදිරිපත් වුයේ නැති අතර ඔවුන් විදේශගතව සැඟවී සිටින බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් හරිප‍්‍රියා ජයසුන්දර අධිකරණයට දැනුම් දී තිබේ.

නඩුව ලබන 23 වනදා යළි කැඳවනු ලැබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්