සීනි බදු වංචාව බන්දුල පිටින් තබා කපයි…

සීනි බදු වංචාව බන්දුල පිටින් තබා කපයි…

සිනී බදු අඩු කිරීමේ වාසිය මහාපරිමාන සීනි ආනයන කරුවන් කිහිපදෙනෙකු අතට පත්වීම පිළිබඳව පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාව විසින් කරන ලද විමසුමකට පිළිතුරු වශයෙන් මුදල් අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කරන ලද වාර්තාවකින් ප්‍රකාශ කර ඇත්තේ බදු අඩුවීමේ වාසිය පාරිභෝගිකයාට ලබාදීමේ වගකීම පවතින්නේ වෙළඳ අමාත්‍යාංශයට බවයි.

මුදල් අමාත්‍යාංශයට මැදිහත්විය හැක්කේ ආනයනය කරනු ලබන සීනිවල ප්‍රමාණය සහ ගොඩබාන මිල තීරණය කිරීමට පමණක් බව පෙන්වා දෙන එම වාර්තාව ඒවා සාධාරණ ලෙස බෙදා හැරීම සහ ජනතාවට දැරිය හැකි සිල්ලර මිලක් තීරණය කර පවත්වාගෙන යාම මුදල් අමාත්‍යාංශයේ විශය පතය යටතට නොගැනෙන බවත් එය වෙළඳ අමාත්‍යාංශයේ සහ එය යටතේ ඇති පාරිභෝගික කටයුතු අධිකාරියේ කටයුත්තක් බවත් තම නිගමන තුළට ඇතුළත් කර ඇත.

එසේම සීනිබදු අඩු කිරීමට අදාළ තීරණයේ වාසිය අපේක්ෂාකරන ලද ප්‍රමාණයට හා වේගයට පාරිභෝගිකයන්ට නොලැබුනේ ඒකාධිකාරී වෙළඳපොළ ව්‍යූහය සහ උපරිම සිල්ලර මිල පාලනය කිරීමේදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අකාර්යක්ෂම භාවය හේතුවෙන් බවද එම වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙයි.

වෙළඳ අමාත්‍යාංශය භාරව සිටින්නේ අමාත්‍ය බන්දුල ගුණවර්ධන වන අතර පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සභාපතිවරයා වන්නේ විශ්‍රාමික මේජර් ජනරාල් ඩි.එම්.එස්. දිසානායකය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්