සිරියාවේ තත්වය තවත් දරුණුවේ

සිරියාවේ තත්වය තවත් දරුණු අතට හැරෙමින් පවතින අතර එහි දැවැන්ත මානූෂිය අවදානමක්ද හට ගෙන ඇති බව එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිලිබද ආයතනය සඳහන් කර තිබේ. මේ වන විට සිරියානු සරණාගයන්ගේ ප්‍රමාණය මිලියන තුන ඉක්මවා ඇති අතර එයින් මිලියනයක් ලෙබනනයටත් හැට ලක්ෂයක් ජෝර්දානයටත් අට ලක්ෂයක් තුර්කියටත් සංක්‍රමණය වී තිබේ. සරණාගතයන් සඳහා අවශ්‍ය පහසුකම් ලබාදීම හා ආරක්ෂාව පිලිබඳ ගැටළු නිසා එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිලිබද ආයතනයද ගැටළුවකට මුහුණ දී සිටී.

සිරියාවේ බෂාර් අල් අසාද්ගේ පාලනයට එරෙහිව පැනනැගුණු කැරුල්ල නිසා රට තුල අරාජික තත්වයක් ඇති වූ අතර එක්සත් ජනපදය හා බටහිර බුද්ධි අංශ විසින් කැරලිකරුවන්ට ආයුධ සහ මුදල් ආධාර ලබාදීම නිසා එය සිවිල් යුධ තත්වයක් බවට පරිවර්තනය විය. පසුව ඉතාමත් නින්දිත ආකාරයෙන් ඇමරිකාව විසින් සිරියානු කැරලිකරුවන්ට සෘජුවම සහයෝගය දක්වමින් අවිආයුධ සහ ආධාර ලබා දෙන ලදි. බ්‍රිතාන්‍ය MI5 ඔත්තු සේවයද තම නිළධාරීන් කණ්ඩායමක් කැරලිකරුවන්ගේ සහයට යවා ඇති බවද හෙලි විය. ඔවුන්ගේ අරමුණ වූයේ ජනාධිපති බෂාර් අල් අසාද්ගේ පාලනය බිඳ දමා සිරියාවේ තෙල් හා ගෑස් තමන්ගේ බහුජාතික සමාගම්වල ග්‍රහණයට ගැනීමය. එහෙත් තවමත් එය සාර්ථක කර ගැනීමට බටහිර රටවලට හැකියාව ලැබී නැත. ඊට හේතුව ආරක්ෂක මණ්ඩලයේදී සිරියාව ආක්‍රමණය කිරීමට රුසියානු සහය නොලැබීමය.

කෙසේ වෙතත් ඇමරිකාවේ සහ බටහිර රටවල නොනවතින ධන තණ්හාව නිසා අද සිරියාව දහස් ගණන් මිය යන අපායක් බවට පත්වී ඇත. ලෝකයටම ප්‍රජාතන්ත්‍රවාද හා මානව හිමිකම් පිළිබඳ දේශනා කරමින් ඔවුන් අත තබන සියළු තැන් ඉරාකයක් සහ සිරියාවක් කරන බව රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පූටින් මහතාද පසුගියදා ප්‍රකාශ කර තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්