චීන රාජ්ය සමාගම්වල ඉහල නිළධාරීන්ගේ වැටුප් හා දීමනා සැලකිය යුත් ප්රමාණයකින් කපා දැමීමට එරට රජය තීරණය කර තිබේ. චීන මාධ්ය වාර්තා සඳහන් කරන්නේ එය 30%ක් පමණ වන බවය.
රජයේ නිළධාරීන්ගේ වියදම් අධික ලෙස ඉහල යාම නිසා ඇතිවන සුඛෝපභෝගී ජීවිතය චංචා හා දූෂණ සඳහා ඉඩ විවර කරන බව පෙනී යාම නිසා මෙම තීරණය ගෙන ඇති බව සඳහන් වේ. ඒ සඳහා කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ අනුමැතියද හිමිව තිබේ.
රාජ්ය අංශයේ වංචා සහ දූෂණ අවම කිරීම සඳහා චීන රජය මේ වන විට දැවැන්ත වැඩ පිළිවෙලක් දියත් කර ඇත. වැරදිකරුවන්ගේ තරාතිරම චීනයේදී නොසැලකෙන අතර කෙතරම් ඉහල නිළධාරියෙකුට වුවත් වැරදිකළ හොත් දඬුවම් විඳීමට සිදුවේ. චීනයේ වංචා හා දූෂණ විමර්ශන ඒකකය ඉතා ප්රබල අංශයක් වන අතර ඊට ඕනෑම තරාතිරමක නිලධාරියෙකු පරික්ෂා කළ හැකි අතර අත්අඩංගුවටද ගත හැකිය. ඒ හේතුවෙන් පසුගිය කාලයේ ජනතා මුදල් අපහරණය කළ පාලක පක්ෂයේ අමාත්යවරුන්ට පවා මරණ දණ්ඩනය හිමි වී තිබේ.









