රනිල් නාමල්ට හොඳටම බය වෙලා

රනිල් නාමල්ට හොඳටම බය වෙලා

වත්මන් ආණ්ඩුව නාමල් රාජපක්ෂට බය වී ඇති බව ඔහුගේ නීතිඥ සාගර කාරියවසම් මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කර ඇති අතර, සැබවින්ම බය වී ඇත්තේ රනිල් වික්‍රමසිංහ බව හෙළි වී තිබේ.

වංචනිකයන්ට දඬුවම් කරන බව කියමින් 2015 දී බලයට පැමිණි රනිල් මෛත්‍රී ආණ්ඩුව නාමල් රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුලේ මූල්‍ය සහ අනෙකුත් අපරාධ යට ගැසීය.

විශේෂයෙන් ම නාමල් රාජපක්ෂ සම්බන්ධයෙන් එල්ල වී තිබූ මූල්‍ය අපරාධ චෝදනා මත 2016 ජූලි මාසයේ දී සහ 2016 අගෝස්තු මාසයේ දී අත්තඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය. මේ වනවිට නාමල් රාජපක්ෂ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින රුපියල් මිලියන 70ක ක්‍රිස් ගනුදෙනුවේ අල්ලස් චෝදනාව මත 2016 ජූලි මස මූල්‍ය අපරාධ කොට්ටාසය විසින් අත්තඩංගුවට ගන්නා ලදී. පසුව, එම ලිපි ගොනු යට ගසා ඉවත දැමීය.

මේ අතර, මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ හෙලෝ කෝප් සමාගමේ රුපියල් මිලියන 125ක දූෂණයක් සිදු කිරීම සම්බන්ධයෙන් 2016 අගෝස්තු මාසයේ දී මූල්‍ය අපරාධ කොට්ඨාසයෙන් අත්තඩංගුවට ගෙන එම විමර්ශන සහ අධිකරණ ක්‍රියාමර්ග ද ඉවත දමනු ලැබීය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්