රනිල් වික්රමසිංහ මහනුවරට ගිය ඊයේ (30)ජනතාව දැඩි අපහසුතාවයට පත්වන පරිදි ආරක්ෂක කටයුතු යොදවා තිබුණු බවට මහජනතාව චෝදනා නගයි.
උපකාරක පන්ති වලට යන දරු දැරියන් පවා දැඩි සෝදිසියකට ලක් කර තිබේ. ඊට අමතරව නගරයේ යාචකයින් සහ ජංගම වෙලඳුන්ද ආවරණය වන පරිදි මහත් පීඩාකාරී ලෙස ආරක්ෂාව තරකර තිබී ඇත. විශේෂයෙන්ම දළදා වහන්සේ වන්දනා කිරීමට ගිය වන්දනා කරුවන් මෙන්ම මහනුවර රෝහලේ සායනික කටයුතු වලට ගිය පිරිස , නේවාසික රෝගීන් බැළිමට ගිය අය දැඩි අපහසුතා වලට ලක් වී ඇත.
රනිල් වික්රමසිංහ මහානායක හිමිවරුන් හමුවීමට මෙම ගමන යොදාගෙන තිබුනද උන් වහන්සේලා ඊට අවස්තාව නොදීම නිසා අනුනායක හිමිවරුන් හමුවීමට සිදුවුණු බවද වාර්තා වේ.










