නව පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කිරීමත් සමඟ සමගි ජන බලවේගයේ විශාල පිරිසක් රනිල් වික්රමසිංහ සමඟ එක්වී ආණ්ඩුව පිහිටුවීමට සුදානමින් සිටින බවට තොරතුරු හෙළිවේ.
මෙයට පෙර එසේ එක්වීමට සිටින පිරිස පස් දෙනෙකු පමණ වන බව වාර්තාවී තිබුණ ද මේ වනවිට එම පිරිස 14 ඉක්මවා ඇති බව අනාවරණය වේ. මේ පිරිස අතර තලතා අතුකෝරාල සහ තවත් ප්රමුඛ පෙළේ මන්ත්රීවරියක් ද සිටින අතර රට වැටී තිබෙන ආර්ථික අර්බුදයෙන් ගොඩ ගැනීමට සහයෝගය දැක්විය යුතු බව ප්රකාශ කරමින් ආණ්ඩුවට එක්වී තනතුරු ලබා ගැනීමට සිටී.
මේ බොහෝ දෙනා සජිත් ප්රේමදාසගේ ක්රියා කළාපය පිළිබඳව දැඩි විරෝධයකින් පසුවීම නිසා රනිල් වික්රමසිංහ සමඟ එක්වීමට තීරණය කර ඇත.










