රනිල්ගේ කුමන්ත්‍රණයකට සලේ කැඳවයි

රනිල්ගේ කුමන්ත්‍රණයකට සලේ කැඳවයි

රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලද ප්‍රථම ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී ජෙනරාල් සුරේෂ් සලේ සහ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් කමල් ගුණරත්න යන අයද කැඳවා සිටි බවට තොරතුරු වාර්තා වේ.

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට එවැනි ආරක්ෂක නිලධාරීන් කැඳවන්නේ නැත. එහෙත් ඊනියා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මොවුන් කැඳවා ඇති අතර එහිදී අදහස් දක්වමින් සුරේෂ් සලේ අගෝස්තු 09 වෙනි දින ගිනි තැබීම් සිදුවිය හැකි බවට අනතුරු ඇඟවූ බව වාර්තා වේ.

රනිල් වික්‍රමසිංහ මේ වනවිට හදිසි නීතිය පනවා මර්දනය දියත් කිරීමට අසාර්ථක උත්සාහයක යෙදී සිටින අතර සරත් ෆොන්සේකා විසින් අගෝස්තු 09 වෙනි දින විරෝධතාවක් ප්‍රකාශයට පත්කර තිබේ. එම විරෝධතාවයේදී මැයි 09 වෙනිදා රාත්‍රියේදී මෙන් මැති ඇමතිවරුන්ගේ නිවාස ගිනි තැබීමේ සැලසුමක් ඇති බවට සුරේෂ් සලේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට පෙන්වා දී ඇති බව වාර්තා වේ. රනිල් වික්‍රමසිංහ මෙම ආරක්ෂක නිලධාරීන් මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට කැඳවූයේ කිසියම් දේශපාලන කුමන්ත්‍රණයක් පිළිබඳව රාජ්‍ය බුද්ධි තොරතුරු ලෙස වාර්තා කිරීමට දැයි බලවත් සැකයක් මතුවී ඇත. මෙම මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට 90කට අඩු සංඛ්‍යාවක් සහභාගී වූ බවට වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්