වෙනිසියුලානු ජනාධිපති නිකලෝ මධුරෝ තම ප්රථම වියට්නාම් සංචාරය තුළ දෙරට අතර මබඳතා නව අධියරකින් තහවුරු කර ගැනීමට සමත් වී ඇති බව විදේස් මාධ්ය වාර්තා කරයි.
වියට්නාම් අගමැති නුයෙන් ටෑන් ඩන්ග් ගේ උණුසුම් පිළිගැනීමෙන් අනතුරුව වෙනිසියුලානු ජනාධිපති මධුරෝ සමග ඩොලර් බිලියනයක් දක්වා තම වෙළෙඳාම් නංවාගැනීමට අදාළ ගිවිසුම් අත්සන්කර ඇතැයිද එලෙසම ආර්ථික සංවර්ධනයක් කරා යන ගමනට එක්වන ලෙස මධුරෝ වියට්නාමයට ආරාධනා කර ඇතැයි එම මාධ්ය වාර්තා සඳහන් කරයි.
දෙරටේම මාධ්ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන අන්දමට වියට්නාම් ජාතික රාජ්ය සභාවේ නියෝජ්ය සභාපති ටොන් තී පොහොන්ග් සමගද දෙරටට බලපාන තත්වයන් පිළිබඳවද සාකච්ඡා කර ඇති අතර වියට්නාම් වානිජ මණ්ඩලයේ නියෝජිතයින් සමග හමුවක්ද පවත්වා තිබේ. මෙම සංචාරය අතරතුර වෙනිසියුලාව තුළ ආයෝජනයන් සඳහා ඉදිරිපත් වී ඇති වියට්නාම් සමාගම් තුණක් පිළිබඳවද ප්රකාශයට පත් කර ඇත. එහිදී දකුණු ඇමරිකානු කාලාපය තුළ වෙනිසියුලාවේ ඇති විශේධෂත්වයද ව්යාපාරික ප්රජාවේ ඇගයීමට ලක්වී තිබේ.
මෙම සංචාරය තුළ හෝචිමින් කෞතුකාගාරයට යමින් තම සහෝදර වියට්නාම් ජනතාවගේ ස්වාධීනත්වය පතා හෝචිමින්ගේ දායකත්වෙයන් සිදු වූ අරගල පිලිබඳව සිහිපත් කීරමටද වෙනිසියුලානු ජනාධිපති මධුරෝ කටයුතු කර ඇති බවද විදෙස් මාධ්ය වාර්තා සඳහන් කරයි.























