වීරවංස ජනාධිපතිගෙන් සමාව ඉල්ලයි

එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ පසුගිය මහ මැතිවරණයේදී තරඟ කළ සුළු පක්ෂ කිහිපයක් ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අද (31) සන්ධානයේ නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල නිවසට ගොස් තිබේ.

එම අවස්ථාවට හිටපු අමාත්‍ය විමල් වීරවංස, හිටපු අමාත්‍ය දිණේෂ් ගුණවර්ධන අැතුළු පිරිසක් සහභාගී වී තිබේ.

එිහිදී හිටපු ආමාත්‍ය විමල් වීරවංස, සිදුවීම්වල අනපේක්ෂිත වෙනස්වීම් සිහිගන්වමින් තමන් විසින් නින්දා සහගත ලෙස ජනාධිපතිවරයාව විවේචනය කිරීම පිලිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් සමාව අයැද සිටි බව වාර්තා වේ.

තමන් පරිභව කිරීමේ දේශපාලනයක නිරත නොවන බවද ප්‍රකාශ කරමින් “අතීතයේ සිදුවූ දේ අතීතයට සීමාකරගනිමු“ යැයි එම අවස්ථවේ ජනාධිපතිවරයාගේ ප්‍රතිචාරය වී ඇතැයි වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්