ත්රෛනිකායික මහා නායක හිමිවරුන්ගේ නියෝජිත භික්ෂූන් වහන්සේලා පසුගිය 09 වෙනි දින ජනාධිපති අනුර කුමාර දිසානායක සමඟ පවත්වන ලද සාකච්ඡාව සම්බන්ධයෙන් මල්වතු විහාර පාර්ශවයේ නියෝජ්ය ලේඛකාධිකාරී පූජ්ය මහවෙල රතනපාල හිමියන් නිකුත් කළ නිවේදනය බොහෝ මාධ්ය වෙතින් යට ගසා තිබිණි.
එම නිවේදනයෙන් උන් වහන්සේ අවධාරණය කර තිබෙන්නේ ජනාධිපතිවරයා සමඟ ඵලදායී සාකච්ඡාවක් පැවැත්වූ බව ය. තමන් වහන්සේලා ඉදිරිපත් කළ යෝජනා සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කඩිනම් මැදිහත්වීම් කරන බව උන් වහන්සේ අවධාරණය කර තිබේ. එම ලිපිය පහතින් පළ කෙරේ.










