ජපානයේ අචිනගෝයා නගරයේදී ආරම්භ කිරීමට නියමිත 20 වෙනි ආසියානු ක්රීඩා උළෙලේදී ශ්රී ලංකා ධජය ගෙන යාමේ අවස්ථාව 16 වියේ පසුවන නුයාරා ප්රනාන්දුට ලබා දී තිබේ.
සමාරම්භක උළෙලේදී එක් එක් රටවල ජාතික ධජ රැගෙන යාමේ අවස්ථාව ක්රීඩක ක්රීඩිකාවන් හට හිමිවීම සුවිශේෂී අවස්ථාවකි. ශ්රී ලංකාව නියෝජනය කරමින් ක්රීඩිකාවන් 56 දෙනෙකු සහ ක්රීඩකයින් 100 දෙනෙකු ඉසව් 25ක් සඳහා තරඟ වැදීමට නියමිත ය. එම ක්රීඩක ක්රීඩිකාවන් අතරින් ළාබාලතම ක්රීඩිකාව වන නුයාරා ප්රනාන්දු කලාත්මක ජිම්නාස්ටික් ක්රීඩා ඉසව්ව නියෝජනය කරමින් ශ්රී ලංකාව වෙනුවෙන් තරඟ වදී.










