පැලවත්ත සීනි කම්හලේ බරපතල තත්වයක් – ICEU

ඌන ක්‍රියාකාරී ව්‍යවසායන් සහ ඌන උපයෝජිත වත්කම් පුනරුදය කිරීමේ පනත යටතේ රජයට පවරා ගත් පැලවත්ත සීනි කම්හල තුළ මේ වන විට අර්බුදකාරී වාතාවරණයක් හටගෙන ඇති බව අන්තර් සමාගම් සේවක සංගමය පවසයි.

උක් ඇඹරුම් කාලය මේ වන විට අවසන්ව ඇති අතර මීළඟ උක් ඇඹරුම් කාලය ලබන පෙබරවාරි මාසයේ ආරම්භ වීමට නියමිත බව එම සංගමය සඳහන් කරයි.

එහෙත් ඊට කිසිදු සූදානමක් කම්හල තුළ නොමැති බව එම සංගමය පෙන්වාදෙයි.

කම්හලේ යන්ත්‍ර සූත්‍ර බොහොමයක් ගලවා ඇති බවට තොරතුරු ලැබී ඇති බව අන්තර් සමාගම් සේවක සංගමය පවසයි.

මේ තත්ත්වය තුළ තම රැකියාවන්හි අවිනිශ්චිතභාවයක් සේවකයින් තුළ හටගෙන ඇති බව එම සේවක සංගම‍ය පෙන්වාදෙයි.

 

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්