
කොළඹ කොටස් වෙලඳපොළ ජාවාරම සඳහා NSB අරමුදල් යෙදවීමේ වගකීම සභාපති ප්රදීප් කාරියවසම් මහතා පිට පැටවීමේ සූදානමක් ඇති බව අනාවරණය වේ.
ද ෆිනෑන්ස් සමාගමේ රුපියල් 30.30ක් වූ කොටස් රුපියල් 49.74 බැගින් මිලදී ගැනීමට ඉතිරිකිරීමේ බැංකුවේ තැම්පත් කර ඇති රුපියල් කෝටි 39ට අධිත මහජන අරමුදල් පසුගිය 27 වෙනිදා යොදවන ලදී. ඉන් අනතුරුව කොටසක මිල රුපියල් 32 දක්වා කඩාවැටින. මේ තත්වය හමුවේ අධ්යක්ෂ මණ්ඩලයේ දෙදෙනෙකු ඉල්ලා අස්වීමේ ලිපි බාරදී ඇත.
මෙම කොටස් වෙලඳපොළ ජාවාරමට බැංකුවේ අධ්යක්ෂ මණ්ලය අනුමැතිය ලබාදී නැත. එසේම මෙම ජාවාරම පිටුපස සිටින බලවතා කවුරුන්ද යන්නත් මේ වන විට හෙළිවී නැත. මෙම පසුබිම තුළ මුදල් අමාත්යවරයා ලෙස ජනාධිපතිවරයා බරපතල අර්බුදයකට මුහුණදී ඇති බව වාරතා වේ. සමහර මාධ්ය වාර්තාකර තිබුනේ අදාල ගෙවීමි නතර කිරීමට ජනාධිපති නියෝගකර ඇති බවයි. එහෙත් විශ්වාස කටයුතු ආරංචිමාර්ග මගින් අනාවරණය වන්නේ මෙම ගෙවීම් කිරීමට අදාල නිලධාරීන් ප්රතික්ෂේපකර ඇති බවයි. මේ අතර ඇතැම් මාධ්ය වාර්තාවල සඳහන් වන්නේ මේ වන විටත් ගෙවීම් කර අවසන් බවයි.
කෙසේවෙතත් මෙම වංචනික ගනුදෙනු පිළිබඳව සභාපතිවරයාට තොන්ඩුව වැටී ඇතිබව හෙළිවේ. ප්රදීප් කාරියවසම් සභාපතිවරයා වත්මන් අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායකගේ සැමියාය.









