18 වංගුව විවෘතෙට ගෙනා දිවා ආහාර විසවේ

18 වංගුව මාර්ගය විවෘත කිරීමේ උත්සවයට පැමිණි ජනතාවට ලබා දීමට ගෙනා දිවා ආහාරය විසවීම හේතුවෙන් පුද්ගලයන් 37 දෙනෙකු පමණ ඊයේ (06) රෝහල්ගත කර ඇතැයි ‍වාර්තාවේ. ඔවුන් උඩුදුම්බර දිසා රෝහලට සහ මැදමහනුවර රෝහලට ඇතුළත් කර ඇත.

පුද්ගලයන්ගේ වැඩි පිරිසක් ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගිය බවත් අදාළ උත්සවය නිම වීමෙන් පසු ආහාර ලබාගත් පිරිසක් රෝහල් ගත කෙරුණු බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ශාන්ති සමරසිංහ මහත්මිය සඳහන් කළාය.

පාචනය, වමනය සහ බඩේ රුදාව යන රෝග ලක්ෂණ ඔවුන් තුළ දක්නට තිබූ බව වාර්තා වේ.

එම උත්සවයට පැමිණෙන සාමාන්‍ය ජනතාවට ලබාදීම සඳහා ගෙනා ආහාර පාර්සල්වල තිබූ බිත්තර මගින් ආසාත්මිකතාවන් ඇති වූ බවට අනුමාන කරන බව සමරසිංහ මහත්මිය සඳහන් කළාය. කෙසේ නමුත් එම උත්සවය සඳහා පැමිණි ජනාධිපතිවරයා ඇතුළු ප්‍රභූවරුන් සඳහා දිවා ආහාරය සකස්කර ඇත්තේ ඊට ආසන්න සුප්‍රසිද්ධ සංචාරක හොටලයක.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්