
ශ්රී ලංකාවේ විදේශ සංචිත තවදුරටත් අඩු වෙමින් පවතින බව වාර්තා වේ.
මහබැංකු වාර්තාවලට අනුව මෑත ඉතිහාසයේ ශ්රී ලංකාව සතු වූ වැඩිම විදෙස් සංචිත ප්රමාණය වන අමෙරිකානු ඩොලර් මිලියන 8,096 ඉකුත් පෙබරවාරි මාසය අවසන් වන විට අමෙරිකානු ඩොලර් මිලියන 5,552ක දක්වා අඩුවී ඇත. එය 32%ක අඩුවීමක් යැයි මහ බැංකුව විසින්ම ගණන් බලා ඇත.
ඉකුත් වසරේ අගභාගයේදී රුපියලේ අගය ස්ථාවරව පවත්වා ගැනීම සඳහා මහ බැංකුව විසින් විදෙස් සංචිත අලෙවි කරනු ලැබුවත් ඉකුත් පෙබරවාරි මාසයේ දී එලෙස විදෙස් සංචිත අලෙවි කිරීම නතර කර රුපියලේ අගය නිදහසේ තීරණය වීමට ඉඩ හරින ලදී.
ශ්රී ලංකා මහ බැංකුව ගත් එම ස්ථාවරය සම්බන්ධයෙන් (IMF) ජාත්යන්තර මුල්ය අරමුදල ඔවුන්ගේ විශේෂ ස්තූතිය පිරිනමනු ලැබීය.
කෙසේ නමුත් ඛනිජ තෙල් මිළදී ගැනීම සඳහා තවදුරටත් විදෙස් සංචිත වැය කරමින බවත් මහබැංකු තතුදත් විශේෂ ආරංචි මාර්ග සඳහන් කර සටී.









