කොරියාවේදී මියගිය ලාංකියන් හඳුනා ගැනේ

මහියංගනය, පාලංහන්දිය ප්‍රදේශයේ පදිංචි තිලංග ශෂික සම්පත් ජයසූරිය, මොරවක අලුත්ඇල පදිංචි ගයාන් චාමර අත්තනායක හා පිලියන්දල ගෝනපොල ප්‍රදේශයේ පදිංචිව සිටි ගැමුණු ජයකොඩි යන අය එලෙස මියගොස් ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යංශය ප්‍රකාශ කර සිටී.

දකුණු කොරියාවේ බූසාන් හි සමාජ ශාලාවක ඇතිවූ ගින්නෙන් මිය‍ගිය ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු අතුළු 9දෙනෙකු මිය ගිය අතර ඉන් පුද්ගලයින් 25 දෙනෙ‍කු තුවාල ලැබීය.

මිය ගිය ශ්‍රී ලාංකිකයන් තිදෙනාගේ මෘත සරීරයන් පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව දිවයිනට ගෙන්වා ගැනීමට නියමිතය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්