
බලධාරීන් විසින් ගුරුවරුන්ගේ උසස්වීම් ප්රමාද කරමින් සිටින බවත් වසර එකහමාරකට ආසන්න කාලයක සිට ගුරුවරුන් සඳහා උසස්වීම් ලබාදී නොමැති බවත් අධ්යාපන වෘත්තිකයින්ගේ සංගමය චෝදනා කරයි.
ගුරුවරුන්ගේ අධ්යාපන සංවර්ධනය බලාපොරොත්තු වන බවත්, විභාග ප්රතිඵල සම්බන්ධයෙන් පම්පෝරි ගහන නමුත්, ගුරු වරුන් වෙනුවෙන් ඉටු කළ යුතු කාර්යයන් නිසි පරිදි ඉටු නොවන බවත් එම සංගම් නියෝජිතයයෝ පෙන්වා දෙති.
මෙවැනි තත්ත්වයක් උද්ගතවී ඇත්තේ අධ්යාපන අමාත්යංශය නිසි පරිදි නිසි වේලාවට කටයුතු නොකරන නිසා බවත්, දැනට ගුරුවරුන් සඳහා උසස්වීම් ලබාදී ඇත්තේ 2010-12-31 ට දක්වා පමණක් බවත් සිහිපත් කරන ඔවූහු උසස්වීම් ලැබිය යුතු ගුරුවරුන් 15,000 ක් පමණ සිටින බවද කියා සිටී.
අධ්යාපන අමාත්යංශයේ හා රාජ්ය සේවා කොමිෂන් සභාවේ අවධානය මේ සඳහා වහා යොමුවිය යුතු බවත් එසේ නොවන්නේනම් අධ්යාපන ක්ෂේත්රය දැඩි අර්බුදයකට යනු ඇති බවත් ඔවුහු අවධාරණයකර සිටිති.









