ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා බලන්ගොඩ කූරගල ප්රදේශයේ නිරීක්ෂණ චාරිකාවකට සහභාගීවී පැය දෙකක පමණ කාලයක් රැඳී සිටිමින් එහි පුරාවිද්යා කලාපයේ අනවසර ඉදිකිරීම් ඉවත්කිරීම සිදුවන ආකාරය නීරීක්ෂණයකර ඇත.
මේ වනවිට කූරගල පුරාවිද්යා කලාපයේ අනවසර ඉදිකිරීම් හතරක් පුරාවිද්යා ආඥා පනතට අනුව ඉවත් කර ඇතැයිද පැවසේ.
බොදු බල සේනා (BBS) සංවිධානය විසින් පසුගියදා ප්රකාශකර තිබුනේ තමන් වහන්සේලා ප්රමුඛ ගිහි පිරිසක් කූරගල ප්රදේශයේ සංචාරයක නිරතවීමට තීරණය කර ඇති බවත් එහි ඉස්ලාම් ආගමික ඉදිකිරීමට ඉවත් කිරීමට කටයුතු කරන බවත්ය.
මේ වනවිට එම සංවිධානයේ හිමිවරුන් ඇමරිකාවේ සංචාරයක නිතරව සිටින අතර ඝෝඨාභය රාජපක්ෂ මහතාද ඇමරිකානු පුරවැසිභාවය දරන්නෙකි.
ආශ්රිත පුවත්









