ජාතික සමගිය වෙනුවෙන් කමිටුවක්

දකුණු පළාත් සභාව විසින් ගාල්ල, මාතර, හම්බන්තොට යන දිස්ත්‍රික්ක 03 ආවරණය වන පරිදි ජාතික සමගිය ගොඩනැගීම වෙනුවෙන් කමිටුවක් පත් කර ඇති බව වාර්තා වේ. එය ජනතා විමුක්ති පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී නලින් හේවගේ මහතාගේ යෝජනාවකි.

දිස්ත්‍රික්ක තුන සඳහා වෙන වෙනම කමිටු 03ක් සහ එය සම්බන්ධීකරණය කිරීම සඳහා පළාත් සභාවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් සහ ආගමික නායකයින් සහ උගතුන් බුද්ධිමතුන් නියෝජනය වන පරිදි සම්බන්ධීකරණ කමිටුවක් පත් කිරීමට තීරණය කර ඇති බව නලින් හේවගේ මහතා පවසයි.

විවිධ සංවිධාන මගින් ජාතිවාදී ගැටුම් අවුලවමින් ජාතික සමගිය බිඳ දැමීමට සිදුකරන ක්‍රියාවන් නවත්වා සිංහල, දෙමළ, මුස්ලිම් සමගිය ඇතිකිරීමට මෙම කමිටුව වැඩකටයුතු කරනු ඇතැයි පවසන ඔහු රටේ ඉහළම දේශපාලන අධිකාරිය පටු දේශපාලන උවමනාවන් වෙනුවෙන් ජාතිවාදයට ඉඩ දී ඇති බවද ඔහු පෙන්වා දෙයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්