විකිරණ ශිල්පීන් ලෙඩවෙයි

සේවා ඉල්ලීම් දෙකක්‌ මුල්කරගෙන දිවයින පුරා රජයේ රෝහල්වල සේවය කරන විකිරණ ශිල්පීහු අද (09) ලෙඩ නිවාඩු මත සේවයට වාර්තා නොකරන බව විකිරණ විද්‍යා තාක්‍ෂණවේදීහු පවසති.

අද උදෑසන 8 සිට හෙට (10) උදෑසන 8 දක්‌වා ක්‍රියාත්මක වන මෙම ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය යටතේ රජයේ රෝහල්වල විකිරණ අංශයන්හි සිදු කෙරෙන එක්‌ස්‌රේ, සියලු ස්‌කෑන් පරීක්‍ෂණ හා එම්. ආර්. අයි. පරීක්‍ෂණ සිදු නොකෙරෙන බව එම නිලධාරීන් පවසා සිටී.

විකිරණවේදය පිළිබඳ සම සෞඛ්‍ය උපාධිධාරීන් අවශ්‍ය තරම් සිටීම නිසා විකිරණ විද්‍යා ඩිප්ලෝමා පුහුණු පාඨමාලාවට සිසුන් බඳවා ගැනීම නතර කිරීම හා වසර 12 කින් වැඩි කර නොමැති විකිරණ ශිල්පීන්ගේ අමතර සේවා දීමනා වැඩි නොකිරීම යන කරුණු මුල් කරගෙන මෙම ලෙඩ නිවාඩු දැමීම ක්‍රියාත්මක කෙරේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්